Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

මාධ්‍ය ආවර්ජනා/MediaMemories ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පාලිත පෙරේරා Broadcaster Palitha Perera Part 1 of 3

Автор: Media Memories LK

Загружено: 2020-03-06

Просмотров: 12213

Описание:

#MediaHistoryLK #MediaMemoriesLK #PalithaPerera #CricketLK

පාලිත පෙරේරා නාමය වඩාත් ප්‍රකට ශ්‍රී ලංකාවේ පුරෝගාමී සිංහල ක්‍රිකට් විස්තර විචාරකයා ලෙසයි. එහෙත් සැබැවින්ම ඔහු මුද්‍රිත, රේඩියෝ සහ ටෙලිවිෂන් යන ජනමාධ්‍ය තුනෙහිම දශක ගණනාවක් පුරා පුළුල් ලෙස දස්කම් දැක්වූ මාධ්‍ය දැවැන්තයෙක්.

1963-1997 වකවානුවේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවය කළ ඔහු, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ, සිංහල සේවා අධ්‍යක්ෂ ඇතුළු තනතුරු ගණනාවක් දැරුවා. වෘත්තිය ජීවිතය පුරාම හරවත් මාධ්‍යකරණයක යෙදෙන්නටත්, නවෝත්පාදනයන් කරන්නටත් ප්‍රශංසනීය මෙහෙවරක යෙදුණා.

විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ පාලිත පෙරේරා සුවිශේෂී වන අනෙක් සාධකය නම් ඔහු කවදත් ප්‍රතිපත්ති ගරුක සහ අදීන චරිතයක් වීමයි. දේශපාලකයන්ගේ පදයට ක්‍රියා නොකළ ඔහු, රාජ්‍ය මාධ්‍ය තුළ පවා කර්තෘ මණ්ඩල ස්වාධීනත්වය පවත්වා ගත හැක්කේ කෙසේද යන්න ගැන වැදගත් පූර්වාදර්ශ ලබා දුන්නා.

මාධ්‍ය විචාරක නාලක ගුණවර්ධන සමඟ 2020 ජනවාරි පස්වනදා කළ මේ සම්මුඛ සාකච්ඡාවේදී පාලිත පෙරේරා සිය විචිත්‍ර වෘත්තීය ජීවිතයේ රසමුසු සහ වැදගත් තැන් ගැන ආවර්ජනයක යෙදෙනවා. මේ පළමුවන කොටසින් ඔහුගේ ක්‍රිකට් මාධ්‍ය ජීවිතය ගැන කතා කරනවා.

බාල-මහලු-නාගරික-ගැමි-දුප්පත්-පොහොසත් ලාංකිකයන් හැම දෙනකු ම අතර වඩාත් ජනප‍්‍රිය ක‍්‍රීඩාව බවට ක‍්‍රිකට් පත් වූයේ හා ජනප‍්‍රිය සංස්කෘතියේ ප‍්‍රබල අංගයක් වූයේ අහම්බෙන් නොවෙයි. එයට බොහෝ කොටම හේතු වූයේ රේඩියෝ මාධ්‍යය හරහා සිංහලෙන් ක‍්‍රිකට් විස්තර ප‍්‍රචාරයයි.
සිංහලෙන් ක‍්‍රිකට් තරග පිළිබඳ සාරාංශයන් රේඩියෝවෙන් ඉදිරිපත් කිරීම 1960දී ඇරඹුවේ කෘතහස්ත නිවේදක කරුණාරත්න අබේසේකර විසින්. එමගෙහි ඉදිරියට ගිය පාලිත පෙරේරා, 1963 මාර්තුවේ 34 වැනි ආනන්ද-නාලන්දා සමස්ත ක‍්‍රිකට් තරගයම සිංහලෙන් සජීව රේඩියෝ විස්තර ප‍්‍රචාරයක් කළා.

පාලිත නාලන්දාවේ ආදි ශිෂ්‍යයකු වූ නිසා (සමබරතාව රැක ගනු පිණිස) ආනන්දයේ එවකට විද්‍යා ගුරුවරයකු වූ රඝුනාත් වීරසූරියත් එයට හවුල් කර ගත්තා. ක‍්‍රිකට් තරගයේ මුල් ඕවරයේ සිට අන්තිම ඕවරය දක්වා සමස්ත ක‍්‍රීඩා තරගයම සජීව ලෙසින් සිංහලෙන් විස්තර ප‍්‍රචාරය කළ මුල්ම අවස්ථාව ලෙස එය ඉතිහාසගතයි.

කොළඹ බොරැල්ලේ, වනාතමුල්ලේ පිහිටි ඕවල් ක‍්‍රීඩාංගනයේ (දැන් පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගනය) පැවති මේ තරගයේ විස්තර ප‍්‍රචාරය කිරීමේදී තාක්‍ෂණික මෙන්ම භාෂාමය අභියෝගවලට මුහුණ දුන් සැටි පාලිත ආවර්ජනය කරනවා.

“පාලිත පෙරේරා සමග සජීව ලෙසින්” නමින් 2008දී ලියූ පොතෙහි පාලිත කියන්නේ සිංහලෙන් ක‍්‍රිකට් සන්නිවේදනයට අවශ්‍ය වූ වචන කෝෂය හා යෙදුම් වැඩිපුරම නිර්මාණය වූයේ තමන් අතින් බවයි. මුල් වසර කිහිපයේ පාලිත උපයෝගී කර ගත්තේ ක‍්‍රිකට් මූලධර්ම හා දර්ශනයට අනුකූල වූත්, සිංහල ශ‍්‍රාවකයන්ගේ දෙසවනට ගෝචර වූත් වචන හා යෙදුම් මාලාවක්. විජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාව ‘අපේකරණයට’ මෙසේ උචිත වදන් පෙළක් බිහි කර ගැනීම තීරණාත්මක වූවා.

එහෙත් ලංකා ගුවන්විදුලියේ එවකට සිටි අධ්‍යක්ෂවරයා පාලිතට කියා සිටියා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවෙන් සකසන ලද පාරිභාෂික ක‍්‍රිකට් වචන ලැයිස්තුවක් භාවිත කරන ලෙස. මේ අනුව පාලිත ඊළග ආනන්ද-නාලන්දා තරගයේදී එකී නිල වචන යොදා විස්තර ප‍්‍රචාරය ඇරඹුවා.

ඒ යුගයේ ඕවල් ක‍්‍රීඩාංගනයේ වටේ ඇති මණ්ඩපවල කණුවල ලවුඩ්ස්පීකර් සවි කර විස්තර ප‍්‍රචාර එවේලේ ම එතැන සිටි සැමට සවන්දීමේ අවස්ථාව ලබා දී තිබුණා. Slips ක‍්‍රීඩකයන්ට සිංහල පණ්ඩිතයන් දී තිබූ යෙදුම “ලුහුට්ටා”. මේ අනුව කියන්නට සිදු වූයේ මෙවැනි විස්තර ප‍්‍රචාරයක්: “වැට රකින්නා ළගින්ම ලුහුට්ටන් පේලියක් ඉන්නවා. පළමුවැනි ලුහුට්ටා, දෙවැනි ලුහුට්ටා, තුන්වැනි ලුහුට්ටා...දැන් මෙන්න ලු හුට්ටන් අතරින් පන්දුව ලුහුටලා හතරේ සීමාවට යනවා!”

ටික වේලාවකින් කාර්මික නිලධාරී පැමිණ පාලිතට මෙහෙම කිව්වා: “පාලිත මොනවද ඔය කියවන්නේ? අන්න පැවිලියන් එකේ ඉන්න මිනිස්සු හූ කියනවා ඕක අහලා!”

ගුවන්විදුලි අධිකාරීන්ට මේ තත්ත්වය දන්වා උපදෙස් ගන්නැයි පාලිත ඔහුට කීවා. පාරිභාෂික වචන ලැයිස්තුව වහා නතර කිරීමට ඉක්මනින්ම අනුමැතිය ලැබුණා.

“අද ගුවන්විදුලිය, රූපවාහිනිය, පුවත්පත යන සියළු මාධ්‍යයන් ක‍්‍රිකට් ක‍්‍රීඩාව අරභයා භාවිතා කරන ක‍්‍රිකට් වචන කෝසයේ 95%ක නිර්මාණකරු මම වෙමි. මේ රටේ ක‍්‍රිකට් සිංහල සන්නිවේදන සාහිත්‍යයක් බිහි වීම සඳහා මගෙන් කෙරුණු මේ දායාදය පිළිබඳව කවුරුත් හෝ පිළිගැනිමක් හෝ සඳහනක් හෝ නොදැක්වීම කණගාටුවට කරුණකි,” යයි පාලිත සිය පොතේ ලියා තිබෙනවා (182-3 පිටු).

මුල් විස්තර ප‍්‍රචාර සිංහලෙන් කළේ එක් අතකින් මයික‍්‍රෆෝනයත් අනෙක් අතින් කුඩයකුත් අල්ලා ගෙනයි! වසර කිහිපයක් සිංහල විස්තර ප‍්‍රචාරකයන් මේ තාවකාලික වේදිකාවට සීමා වූ අතර ඔවුන්ට ඇලූමීනියම් අට්ටාලය හිමි වූයේ 1968දී පමණ. ඒ වන විට සිංහල විස්තර ප‍්‍රචාර වඩාත් ජනප‍්‍රිය වී තිබුණා.

1963න් ඇරඹි පන්දුවෙන් පන්දුවට කරන සජිව ක‍්‍රිකට් විස්තර ප‍්‍රචාර ඉන් පසු සෑම වසරක ම ප‍්‍රධාන පාසල් ක‍්‍රිකට් තරග සඳහාත්, විටින් විට විදේශ ක‍්‍රිකට් කණ්ඩායම් මෙරටදී ශ‍්‍රි ලංකා පිල සමග තරග කරන විටදීත් ලබා දීමට පාලිත මුල් වුණා. ඒ සඳහා සහාය විස්තර ප‍්‍රචාරකයන් ලෙස තිලක සුදර්මන්ද සිල්වා, අමරබන්දු රූපසිංහ, මයිකල් කරුණාතිලක හා සිරිසෝම ජයසිංහ ආදීන් ද හවුල් කර ගත්තා.

1970 වන විට ඉංග‍්‍රීසි විස්තර ප‍්‍රචාර අභිබවා සිංහල විස්තර ප‍්‍රචාර බෙහෙවින් ජනප‍්‍රිය වුණා. 1971 කැරැල්ලෙන් පසු රාජකීය-සාන්ත තෝමස් ක‍්‍රිකට් තරගයට ද සිංහල විස්තර ප‍්‍රචාරයක් අවශ්‍ය වුණා. මේ අනුව 1972දී එම තරගයේ විස්තර ප‍්‍රචාරයට ප්‍රේමසර ඈපාසිංහ ද හවුල් කර ගත්තේ පාලිත විසින්. සුප‍්‍රකට ‘පාලිත-ඈපා සුසංයෝගය’ ඇරඹුණේ තැන් සිටයි.

මාධ්‍ය ආවර්ජනා/MediaMemories ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පාලිත පෙරේරා Broadcaster Palitha Perera Part 1 of 3

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

96 ලෝක කුසලානයේ අමතක නොවන සිදුවීම

96 ලෝක කුසලානයේ අමතක නොවන සිදුවීම

ජීවිතේ සොඳුරු මතක | ප්‍රේමසර ඈපාසිංහ  #memories

ජීවිතේ සොඳුරු මතක | ප්‍රේමසර ඈපාසිංහ #memories

96 ක්‍රිකට් ලෝක ශූරයින් හමුවෙමු | 1996 Cricket World Cup Champions | සටන | Satana 16.03.2021

96 ක්‍රිකට් ලෝක ශූරයින් හමුවෙමු | 1996 Cricket World Cup Champions | සටන | Satana 16.03.2021

දැවී නොයන ක්‍රිකට් හඬක් (Cricket commentator, Premasara Epasinghe)

දැවී නොයන ක්‍රිකට් හඬක් (Cricket commentator, Premasara Epasinghe)

අර්ජුන තමන් වෙනුවෙන් පෙනී සිටි හැටි මතක් කරමින් මුරලි දැන් නායකත්වය ගැන කියූ කතාව

අර්ජුන තමන් වෙනුවෙන් පෙනී සිටි හැටි මතක් කරමින් මුරලි දැන් නායකත්වය ගැන කියූ කතාව

ප්‍රමෝද්‍යගේ මේ යෝකර් පන්දුව කාටද? | Pramodya Wickramasinghe

ප්‍රමෝද්‍යගේ මේ යෝකර් පන්දුව කාටද? | Pramodya Wickramasinghe

මාධ්‍ය ආවර්ජනා - Media Memories ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පාලිත පෙරේරා Broadcaster Palitha Perera Part 2/3

මාධ්‍ය ආවර්ජනා - Media Memories ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පාලිත පෙරේරා Broadcaster Palitha Perera Part 2/3

ප්‍රේමසර ඈපාසිංහ PREMASARA EPASINGHE - LEGENDS WITH KALUM ! 🌷

ප්‍රේමසර ඈපාසිංහ PREMASARA EPASINGHE - LEGENDS WITH KALUM ! 🌷

Cup RoundUp with Kelum Srimal - Episode 12 | GAJA TV

Cup RoundUp with Kelum Srimal - Episode 12 | GAJA TV

What Happened - Lasith Malinga

What Happened - Lasith Malinga

සුද්දාගේ කර මතින් ගිය බලපිටියේ වීරයා - Percy Abeysekara | Legends

සුද්දාගේ කර මතින් ගිය බලපිටියේ වීරයා - Percy Abeysekara | Legends

Шендерович: Либерализация при Путине — это

Шендерович: Либерализация при Путине — это "разводка". Путин укрепляет свою элиту / Ход мысли

Derana Cricket Tharu Avurudu With Home Lands (ක්‍රිකට් තරු අවුරුදු) 2025 | TV Derana

Derana Cricket Tharu Avurudu With Home Lands (ක්‍රිකට් තරු අවුරුදු) 2025 | TV Derana

Знаменитости, УМЕРШИЕ в 2025 году

Знаменитости, УМЕРШИЕ в 2025 году

පොළොන්නරුව පොඩිවිජේ ගැන සිය මව හා ගම්වාසීන් කරනු ලබන හෙළිදරව්ව? | WANESA TV

පොළොන්නරුව පොඩිවිජේ ගැන සිය මව හා ගම්වාසීන් කරනු ලබන හෙළිදරව්ව? | WANESA TV

රොෂාන් මහානාමගේ වේදනාත්මක සමුගැනීම  I TALK WITH CHATURA #RoshanMahanama

රොෂාන් මහානාමගේ වේදනාත්මක සමුගැනීම I TALK WITH CHATURA #RoshanMahanama

පරන චන්දිමාල් ආයෙත් බලාගන්න පුලුවන් අවස්ථාවක් ලැබුනොත් - Dinesh Chandimal | Sports Club

පරන චන්දිමාල් ආයෙත් බලාගන්න පුලුවන් අවස්ථාවක් ලැබුනොත් - Dinesh Chandimal | Sports Club

ක්‍රිකට් විනාශ වුන හැටි -  Palitha Perera

ක්‍රිකට් විනාශ වුන හැටි - Palitha Perera

ТОП 10 АКТРИС КОТОРЫЕ ОТДАВАЛИСЬ ВЛИЯТЕЛЬНЫМ ЛЮДЯМ ИЗ СССР

ТОП 10 АКТРИС КОТОРЫЕ ОТДАВАЛИСЬ ВЛИЯТЕЛЬНЫМ ЛЮДЯМ ИЗ СССР

මාධ්‍ය ආවර්ජනා/Media Memories ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පාලිත පෙරේරා Broadcaster Palitha PereraPart 3 of 3

මාධ්‍ය ආවර්ජනා/Media Memories ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පාලිත පෙරේරා Broadcaster Palitha PereraPart 3 of 3

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]