ආටානාටිය පිරිත් දේශණාව| Atanatiya Suthraya 12 September 2021
Автор: Asapuwa TV
Загружено: 2021-09-11
Просмотров: 16166
අමනුෂ්‍ය උවදුරු වළකන අමනුෂ්‍ය, භූත, යක්ෂ දෝෂ වූප සමනය කරන දේශනාවකි. ආටානාටිය සූත්‍රය, මෙය පිරිත් පොත් තුළ හමාර දෙකක් ලෙස යෙදී ඇත. තිස්පැයේ දේශනාවකදී සෙත්පිරිත් දේශනාවට පෙර අලුයම 3 සිට 5.30 දක්වා දේශනාවන්නේ මෙම දේශනාවයි.
සූත්‍රය අවස්ථා දෙකකදී සජ්ඣායනා වේ. එනම් සතරවරම් දෙවිවරු පළමුකොට බුදුරදුන්ට ඉදිරිපත් කිරීමත්, එය උන්වහන්සේ අනුමත කර නැවත දේශනා කිරීමත් වශයෙනි.
"මහණෙනි, ආටානාටිය නම් පිරිත උගනිව්.මහණෙනි, ආටානාටිය නම් පිරිත නිතර පුහුණු කරව්. මහණෙනි, ආටානාටිය නම් පිරිත සිත්හි ලා දරා ගනිව්.මහණෙනි, ආටානාටිය පිරිත වැඩ දායක වන්නේය. භික්ෂුන්ගෙද භික්ෂුනින්ගෙද උපාසකයන්ගෙද උපාසිකයන්ගෙද ආරක්ෂාව පිණිස ද පීඩා නොවීම පිණිස ද සැපසේ වාසය කිරීම පිණිස ද වන්නේය" යන මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
ඉතින් ආටානාටිය පිරිත කියන්නේ ඉතා වටිනා පිරිතකි.මෙම පිරිත් ශ්‍රවණය කිරීමට නිරතුරුව අසපුව TV සමග සම්බන්ධ වන්න.
තෙරුවන් සරණයි🙏 🙏🙏
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: