වෙට්ටඹුගලින් හමුවූ ප්‍රාග් ඓතිහාසික සිතුවම් සහ ශුමන පවත ශිලා ලේඛන
Автор: Voices of Ancient Lanka
Загружено: 2026-01-23
Просмотров: 1366
වෙට්ටඹුගල පර්වත ගුහාවේ ප්‍රාග් ඓතිහාසික සිතුවම්
ශ්‍රී ලංකාවේ පර්වත චිත්‍රවල සුවිශේෂීත්වය
ශ්‍රී ලංකාවේ පර්වත චිත්‍ර කෙරෙහි මේ දක්වා විශේෂ අවධානයක් යොමු වී නොමැත. ලෝකයේ අනෙකුත් රටවල පර්වත චිත්‍ර සමඟ සසඳන විට, ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන පර්වත චිත්‍ර, සකස් නොකරන ලද ගල් මතුපිටෙහිම අඳින ලද හෝ කොටන ලද රූප ලෙස හඳුනාගත හැකිය. පර්වත චිත්‍ර, “කුරුටු” (මූලික රූප සටහන්) සහ “ආලේඛ්‍ය” (යම් දෙයක් නිරූපණය කරන චිත්‍ර) වශයෙන් දෙයාකාර වේ. පර්වතවල රළු මතුපිට සිතුවම් ඇඳීමේ ක්‍රමය බොහෝ රටවල දක්නට ලැබේ. මෙම සිතුවම් නිර්මාණය කර ඇත්තේ ඓතිහාසික යුගයට පෙර හෝ ප්‍රාග්-ඓතිහාසික යුගයේ ජීවත් වූ ජන කණ්ඩායම් විසින් බව විශ්වාස කෙරේ. කෙසේ වෙතත්, මේවා නිර්මාණය කළ කාලය නිශ්චිතව නිර්ණය කිරීමට තවමත් හැකියාවක් ලැබී නොමැත. #wettabugala #monaragala #caveart #ravana #buddha #rajsomadeva #siwhelatv #yathartha #sigiriya #babaragala #budugala # hiriwadunna #srilanka #travel #yala
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: