Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

සිරිපා අඩවියේ මාරාන්තික දෙදිනක් | මායාකරී තැන්න |Two Deadly Days in the Wilderness of Adam’s Peak

Автор: YAN Explorer

Загружено: 2025-10-11

Просмотров: 4355

Описание:

මේ ගමන දැනට ගිහිල්ල තියන අමාරුම සහ මාරාන්තිකම ගමන් වලින් එකක්. ගමන පටන් අරං ටික වෙලාවක ඉදලා ආපහු එනකන්ම සුදු කොඩි පෙනුන ගමනක් කියල කිව්වොත් නිවැරදී. මේ ගමන පටන් ගන්නෙ මෙහෙමයි, දවසක සිරිපදෙ මුදුනට ගියපු වෙලාවක ඈතින් දකිනව බොහොම ලස්සන තැනිතලාවක්. ඔයාලා ගවරවිල තැන්න හෝටන් තැන්න එහෙම දන්නවනෙ. අන්න ඒ වගෙ කදු වලින් වටවුනු මැදින් බොගහොම ලස්සන දිය පාරාක් ගලාගෙනයන මායාකාරී තැන්නක්. කොච්චර ලස්සනට පෙනුනද කියනවනම් දැකපු පලවෙනි පාරම ඒ තැන්නේ රැයක් ගත කරන එක මගෙ හීනක් වෙලා තිබුනෙ. සිරිපාදෙ උඩ ඉදලම මැප් එකේ පොඩි පින් එකක් දාගෙන එ තැන්න සේව් කරගත්තේ කවදාම හරි ඒ හීනෙ හැබෑ කරගන්න අරමුනිනුයි.
කොහොම හරි අවුරුදු කිහිපයක් ගියාට පස්සෙ යන්න තැනක් හොය හොය ඉද්දි අහම්බෙන් වගෙ තමා මේ සේව් කරගත්තු තැන්න දැක්කෙ. ඊට පස්සේ තමා අමතක වෙලා ගිය පරන හීන නැවත අලුත් වුනේ. ලගම ගමේ ඉදලා යන්න පුලුවන් ලේසිම පාරත් හදාගනෙ මායි අමිල අයියයි ගමන පිටත් වුනේ දියඇලි දාමයක් දිගේ මෙම තැන්න හොයාගෙන යන්නයි. ඉතින් මේ ගමන දියඇලි දාමයක් දිගේ උඩට යන්න තියන නිසා අපි හොදටම පායන කාලයක් තමා තෝරගත්තේ.
කොලඹින් පාන්දරින්ම පිටත් වුනු අපි, උදේ දහය පමන වෙද්දින් මස්කෙලියට ලගාවුනා. යාලුවෙක්ගෙ ගෙදර බයික් එකත් දාලා ඉක්මනටම කන්ද නගින්න පටන් ගත්තේ රෑ වෙන්න කලියෙන් තැන්නට යාගන්න ඔනි නිසයි. ගමන පටන් ගද්දි ඔලුවෙ තිබ්බේ මෙතනින් පටන් ගන්න ගමන රැයවල් දෙකක් සිරිපා අඩවියෙ ගත කරලා රාජමලේ පැත්තෙන් එලියට එන්නයි. අවාසනාවකට වගේ කැලේට ඇතුලු වෙලා පැයක් යන්නත් කලින් කොහෙදෝ තිබ්බ දාරානිපත වැස්සක් කඩාපාත් වෙලා ගමන සම්පූර්නයෙන්ම වෙනස් කලා. දැන් ඉතින් ඔලුවෙ තිබ්බ එකම අරමුන පොඩ්ඩක් වෙනස් වුනේ කොහොම හරි තැන්නට යාගන්න ඔනියි කියලයි. මොකද වැස්සත් එක්ක අපිට හිතාගන්න් බැරි විදිහට ඇලි වල වතුර වැඩිවෙලා යන්න තිබ්බ ගමන් මගත් පොඩ්ඩක් වෙනස් වුනා. ගමන අපි පටන් ගත්තේ elevation එක 1300 වගේ මට්ටමක ඉදලා. ඉතින් අපේ ගමනාන්තය වෙන තැන්න පිහිටලා තියෙන්නෙ 1700 වගේ උසකින්. මෙම තැන්න කදු වලල්ලකින් වටවෙලා තියන නිසා මීටර් 2300ක් පමන උස කදු මුදුනක් තරනය කරලා ඊට පස්සෙ තමා මේ තැන්නට යන්න වෙන්නෙ. වැස්සෙම කටු පදුරු වලට සූරගෙන අපි මෙම කදු මුදුනට ලගා වෙද්දින් වෙලාව හවස හතර විතර වුනා. ඒ වෙද්දින් ගමනෙන් බාගයක්වත් ඇවිල්ල නැති උනාට වෙලාවනම් ඔනවටත් වඩා වැයවෙලා තිබ්බා. ගමන කොච්චර අමාරුද කියනවනම් කිලොමීටරයක් යන්න පැය කට වඩා වැඩි කාලයක් ගතවුනා. ඉතින් මෙන්න මේ කදු මුදුනේ වීව් පොයින් එකක් නොතිබ්බත් මේ පැත්තේ තියන උසම කන්ද නිසා ඈතින් සිරිපාදෙ බලාගන්න පුලුවන්. අපි කොච්චර අවාසනාවන්ත උනාද කියනවනම් ඒ වෙනකොට වැස්සත් එක්කම ආපු මීදුමට මුලු පලාතම වැහිලා ගිහිල්ල හමාරයි.
හිමින් හිමින් කටු ගාලවල් පීරගෙන පල්ලම් බහින අපිට රාත්‍රී 8 වෙන විටත් තැන්න හොයාගන්න බැරි වුනේ බලාපොරොත්තු සුන් කරලා දාමින්. කුඩැල්ලො කාලා ලේ පෙරාගෙන, හොදටම වැස්සට තෙමිලා සීතල දරාගන්න බැරුව උන් අපිට මේ ඝන කලුවරේ තවත් ඉස්සරහට යන එකනම් මාරයට අතවනන වැඩක් වුනා. යන්තම් පොඩි වතුර පාරක් ලග කූඩාරම අටවගත්තු අපි රෑ කෑම එක අරන් නින්දට වැටුනෙ ඊලග දවස ගැන පොඩිමවත් බලාපොරොත්තුවක් නැතුවයි. උදෙ පාන්දර යන්තම් එලිය වැටෙද්දිම නින්දෙන් අවදි වුනේ තැන්න හොයන එක අමතක කරල දාලා පුලුවන් ඉකමනින් ආපහු ගමට යාගන්න හිතාගෙනයි. ටෙන්ට් එකෙන් එලියට ආවට පස්සෙ තමා තේරුනෙ අපි හිතන තරන්ම අවාසනාවන්ත නෑ කියල. මොකද කියනවනම් අපි කලින් දවසෙ රෑ පහන් කරල තියෙන්නෙ මේ මායාකාරී තැන්නට මීටර කිහිපයක් දුරින්.
උදේ පාන්දරින් ශ්‍රීපාදස්තානය දැක්කට පසුව බලාපොරොත්තු සුන්ව කිසිම අරමුනක් නැතුව හිටපු අපිට ලැබුනේ අලුත් පනක්. ඉතින් සිරිපාදෙත් වැදපුදාගෙන, තැන්නෙ සීතල වතුර ටිකකුත් නාගත්තු අපි වැඩි වෙලා ගත නොකර ආපසු එන්න පිටත් වුනේ ගමනේ දුශ්කරත්වය දන්න නිසාවෙනි. කලින් දවසෙ වගේම ගමන පටන් අරං පැයක් දෙකක් යන්නත් කලියෙන් සුපුරුදු වැස්ස ඇදහැලුනේ ගමන තව තවත් කටුක කරනද කියලා හිතුනු වාර අනන්තයි. කටු ගාල් කඩාගෙන, තුවාල කරගෙන, දුශ්කර බෑවුම් තරනය කරගෙන පැය දහයක පමන පාගමනකින් පසුව කැලෙන් එලියට ආවෙ හවස පහට පමනය.
ගමට කලියෙන් හම්බෙන දියඇල්ලෙන් සීතල වතුර ටිකක් නාගෙන මාරාන්තික ගමනකට සමු දුන්නේ ආයෙ කන්ද දිහාවත් නොබලමය.

මතකය පමණක් රැගෙන , පියසටහන් පමණක් ඉතිරි කර ඒමට නොහැකි පුද්ගලයින් නොගියට කම් නැත..

ලංකාවේ ලස්සන බලන්න YAN Explorer channel එක subscribe කරලා තියාගන්න..

This was one of the toughest and most dangerous hikes I’ve ever done. From the moment we stepped into the forest, every path vanished into mist and every step felt uncertain.

Years ago, I saw a mysterious valley from the top of Adam’s Peak — a silver stream winding through misty hills. I marked it on my map, dreaming to camp there someday.

Years later, with Amila, I finally went searching for it — following a chain of waterfalls. But heavy rain changed everything. The trail disappeared under landslides and floods, turning a dream into survival.
After ten brutal hours through thorns, mud, and darkness, we camped hopelessly — not knowing we were just meters from our destination.
At dawn, the mist lifted, revealing the hidden valley right beside us — magical and unreal.
We paid respect to Adam’s Peak from afar and began the long, painful descent through rain and leeches, reaching the village at sunset.

This wasn’t just a hike — it was a test of will and endurance.
“Take only memories, leave only footprints.”

Subscribe to YAN Explorer to discover more of Sri Lanka’s wild, untamed beauty.

#YANExplorer #SriLankaHiking #SriLankaAdventure #AdamsPeak #SriPada #WaterfallHike #HiddenValley #WildSriLanka #SoloCamping #SurvivalHike #SriLankaTravel #PeakWilderness #NatureVlog #AdventureVlog

සිරිපා අඩවියේ මාරාන්තික දෙදිනක් | මායාකරී තැන්න |Two Deadly Days in the Wilderness of Adam’s Peak

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

දීර්ගතම මාර්ගය ඔස්සේ සිරිපා කරුණාව | The Loangest Adam’s Peak Route in Sri Lanka

දීර්ගතම මාර්ගය ඔස්සේ සිරිපා කරුණාව | The Loangest Adam’s Peak Route in Sri Lanka

සිරිපා අඩවියේ දියඇලි දඩයම | Waterfall Hunting in Sripada Peak Wilderness Sanctuary

සිරිපා අඩවියේ දියඇලි දඩයම | Waterfall Hunting in Sripada Peak Wilderness Sanctuary

අලිත් එක්ක මහමූකලානේ පැලක් උඩ 😮 / Farmers Hut Long Night #srilanka #travel

අලිත් එක්ක මහමූකලානේ පැලක් උඩ 😮 / Farmers Hut Long Night #srilanka #travel

History of Sapumalgaskada Raja Maha Viharaya | අලි කොටි වලසුන් සැරිසරන සපුමල්ගස්කඩ විහාරයේ ඉතිහාසය

History of Sapumalgaskada Raja Maha Viharaya | අලි කොටි වලසුන් සැරිසරන සපුමල්ගස්කඩ විහාරයේ ඉතිහාසය

🌄 කුකුලාගල කදු මුදුනේ බිහිසුනු රැයක් | Chasing Views Without Water – Kukulagala Wild Camp Adventure!

🌄 කුකුලාගල කදු මුදුනේ බිහිසුනු රැයක් | Chasing Views Without Water – Kukulagala Wild Camp Adventure!

Войска отказались исполнять приказ / F-16 подняты по тревоге

Войска отказались исполнять приказ / F-16 подняты по тревоге

Wangu 10 | දෙනුවර යා කළ වංගු දහය | රමණීය වංගු 10 | දැන් තවත් ලස්සනයි | Sinharaja Aranya Senasanaya

Wangu 10 | දෙනුවර යා කළ වංගු දහය | රමණීය වංගු 10 | දැන් තවත් ලස්සනයි | Sinharaja Aranya Senasanaya

සුනිල් මාමාගේ හේනේ හදපු සුපිරි දඩමස් කරියයි මඤ්ඤොක්කයි #village

සුනිල් මාමාගේ හේනේ හදපු සුපිරි දඩමස් කරියයි මඤ්ඤොක්කයි #village

මෝරුන්ගෙන් පිරි දියවැල් | Drift dives

මෝරුන්ගෙන් පිරි දියවැල් | Drift dives

බලන්ගොඩ දිය ඇලි පාරාදීසය | Balangoda the Waterfall Paradise | YAN Explorer | Episode II

බලන්ගොඩ දිය ඇලි පාරාදීසය | Balangoda the Waterfall Paradise | YAN Explorer | Episode II

ගල් ගැහෙන සීතලේ කොටි එක්ක කෑම්පින් කරමුද. | Camping in the Chilling Cold with leopards

ගල් ගැහෙන සීතලේ කොටි එක්ක කෑම්පින් කරමුද. | Camping in the Chilling Cold with leopards

අවාරෙ සිරිපා කරුණා| Offseason Adam's Peak

අවාරෙ සිරිපා කරුණා| Offseason Adam's Peak

යමු ඒ සුන්දර පාරාදීසයට 🧡 Sooriyakanda 🧡 සිංහරාජ ප්‍රාන්ත අරණ්‍ය සේනාසනය 😍  #rakwana

යමු ඒ සුන්දර පාරාදීසයට 🧡 Sooriyakanda 🧡 සිංහරාජ ප්‍රාන්ත අරණ්‍ය සේනාසනය 😍 #rakwana

Yala Safari Experience යාල කැලේ දින 3ක් | Thalgahadigana Bungalow Stay Sri Lanka

Yala Safari Experience යාල කැලේ දින 3ක් | Thalgahadigana Bungalow Stay Sri Lanka

නුගේපොකුන හේන්යායට මනුස්සකම අරගෙන 🐘🌿@IslandFishing2  කැලේ මැද තනිඋන අපේම මිනිස්සු

නුගේපොකුන හේන්යායට මනුස්සකම අරගෙන 🐘🌿@IslandFishing2 කැලේ මැද තනිඋන අපේම මිනිස්සු

ධීවර  වාඩියක රැයක් | Living with Sea Cucumber Farmers in Sri Lanka🇱🇰 A Hidden Ocean Life in Kiranchi

ධීවර වාඩියක රැයක් | Living with Sea Cucumber Farmers in Sri Lanka🇱🇰 A Hidden Ocean Life in Kiranchi

ජීවිතේ පළවෙනි වතාවට AC කරපු ගල් ගුහාවක රැයක් හිටියා| Belihuloya Forest Heaven |A night in an AC cave

ජීවිතේ පළවෙනි වතාවට AC කරපු ගල් ගුහාවක රැයක් හිටියා| Belihuloya Forest Heaven |A night in an AC cave

වලස් රාජධානිය පොකුණ🐻🦥🌱🍁🍀

වලස් රාජධානිය පොකුණ🐻🦥🌱🍁🍀

අඩවියේ සුන්දර ඉසව්වක් සොයා | කලු ගඟේ මුල්දිය දිගේ ඉහලට | Peak Wilderness Sanctuary | Part II

අඩවියේ සුන්දර ඉසව්වක් සොයා | කලු ගඟේ මුල්දිය දිගේ ඉහලට | Peak Wilderness Sanctuary | Part II

බදුලු කෝච්චිය / Badulla Train journey

බදුලු කෝච්චිය / Badulla Train journey

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]