ලබා සැනසෙත් ඒ අමා නිවන - පේණ පින්ඩුපම සුත්‍රය ඇසුරින්
Автор: හලුගම කළණ මිතුරු සමාජය
Загружено: 2025-12-25
Просмотров: 121
ගඟේ ගලායන පෙන පිඬු වාගේ - රූපය ඇතිවී බිඳී යතේ
වැසි දිය මත නැඟු දිය බුබුළක් සේ - වේදනාව ඇතිවී නැසේ
මිරිඟුව දකිනා මුව පොව්වෙකු සේ - හඳුනාගැනීම අප මුළා කෙරේ
හරයක් නැති කෙසෙල් කඳක් සේ. - චේතනාව හරසුන් දෙයක් වෙතේ
හේතුන් නිසා හටගත් සියලු. දේ - හේතු නැති වීමෙන් නැති වී යතේ
පෙණ පිඩක් වැනි රූපයට - දිය බුබුලක් වැනි වේදනාවට
මිරිගුවක් වැනි හදුනාගැනීමට - කෙසෙල් කඳක් වැනි චේතනාවට
මායාවක් වැනි දැනගැනීමට - සාරයක් නැති මේ සියල්ලට
මම මගේ ආත්මය යැයි සිතා - අවිද්‍යාවෙන් සැකසූවා ලෝකය
මහා මෙරක් තරම් ගොඩ ගැසුවා - ජරා මරණ දුකම
මහා මෙරක් තරම් ගොඩ ගැසුවා - ජරා මරණ දුකම
නුවණැති පින්වතා සැබෑ තතු දැක
නුවණින් විමසා බලයි දහම තුළ
හටගත් සියලු දේ නැසී යැයි දැක
මම මගේ නොවන දේ අත් හැර
තණ්හාවෙන් සැකසූ ලොව අතහැර
බිඳ දමා එතෙර වෙයි සසර දුක
ලබා සැනසෙත් ඒ අමා නිවන
ලබා සැනසෙත් ඒ අමා නිවන
ලබා සැනසෙත් ඒ අමා නිවන
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: