අලුත් සිතක් | Aluth Sithak | Pastor Gulavitage Nishantha | Luke Anandappa |
Автор: Luke Anandappa
Загружено: 2025-08-20
Просмотров: 9332
#sinhalageethika #kithunugeethika #newsinhalageethika
සියලු ගෞරවය සහ මහිමය සර්ව බලධාරී දෙවියන්වහන්සේට
All the Glory and Honor to God Almighty
අලුත් සිතක් | Aluth Sithak
"නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න"
(රෝම 12:2)
"පොළොවේ සීමාවල මැවුම්කාරවූ ස්වාමීන්වහන්සේ වන සදාකාල දෙවියන්වහන්සේ ක්ලාන්ත නොවන බවත් වෙහෙස නොවන බවත් නුඹ දන්නේ නැද්ද? නුඹ අසා නැද්ද? උන්වහන්සේගේ ඥානය දැනගන්ට බැරිය"
උන්වහන්සේ ක්ලාන්තවූ අයට ශක්තිය දෙනසේක; බලය නැත්තාට සවිය වැඩිකරනසේක. තරුණයෝ පවා ක්ලාන්තව වෙහෙසවන්නෝය. යෞවනයෝද මුළුමනින්ම වැටෙන්නෝය.
"නුමුත් ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත්කරගන්නෝය; ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය; ඔව්හු දුවන්නෝය, එහෙත් වෙහෙස නොවෙති; ඔව්හු ඇවිදින්නෝය, එහෙත් ක්ලාන්ත නොවෙති"
(යෙසායා 40:28-31)
"දෙවියන්වහන්ස, පවිත්‍ර සිතක් මා තුළ මැවුව මැනව; ස්ථීර ආත්මයක් මා තුළෙහි අලුතෙන් සෑදුව මැනව. ඔබ ඉදිරියෙන් මා බැහැර නොකළ මැනව; ඔබගේ ශුද්ධාත්මය මාගෙන් පහ නොකළ මැනව. ඔබගේ ගැළවීමේ ප්‍රීතිය මට නැවත දුන මැනව. නිදහස් ආත්මයකින් මා දැරුව මැනව"
(ගීතාවලිය 51:10-12)
Vocals - Pastor Gulavitage Nishantha
Lyrics & Melody - Luke Anandappa
Music - Saminda Silva
Backing Vocals
Sister Isurumali Mendis
Shehara Subasinghe
Muditha Dissanayake
Audio Mix & Mastered by | Videography & Post Production by Saminda Silva @singtothelordstudio
අළුත් සිතක් නව ආත්මයක්
දෙවිඳු පමණයි ගෙන දෙන්නේ
පිරුණු හදක් ජීවනයත්
සමිඳු පමණයි ගෙන දෙන්නේ
මා සමිඳුන්ගේ හස්තය බලා - සවිය අළුත් කරගමී
එතුමන් දෑතින් සවිය ලබා - රාජලියෙකුසේ පියඹා යමී
වෙහෙසවූ දිවියේ බර උසුලන සැම
ලොව මැවූ දෙවිඳුන් වෙත එනු මැන අද
දුබලවූ සැම හට ශක්තිය ගෙන දෙන
බලවත් දෙවිඳුන් වෙහෙස නොවනු ඇත
අළුත් සිතක් නව ආත්මයක්…
පවිටුවූ මාගේ හද සේදුව මැන
ස්ථිර ආත්මයක් මට දුන මැන
ගැලවීමේ ප්‍රීතිය මට දුන මැන
අළුත් සිතක් මා තුල සදනුව මැන
#nishanthagulavitagegeethika#nishanthagulavitage#newsinhalageethika #sinhalageethika#pastorgulavitagenishantha#nimeshFernandohymns
#lukeanandappa#නිශාන්තගුලවිටගේ#nishanthagulavitagenewsongs#gulavitagenishanthanewhymns#NishanthaGulavitagegeethika#pastornishanthagulawitagegeethika#anandappa
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: