Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

උපසමානුස්සතිය - Upasamanussathi Meditation - නිවීමෙහි සතිය පිහිටුවීම (Mindful to Nibbana)

Автор: Nalin Ilangarathna (Spiritual Music)

Загружено: 2025-04-12

Просмотров: 27704

Описание:

‘උපසමානුස්සති’ භාවනාව නම් නිවනෙහි ගුණ සිහි කිරීමයි. මෙය සිදු කරනු ලබන්නේ නිවන අරමුණු කැර ගෙනමය. සුදුසු පූර්ව කෘතීන් සිදුකළ යුතුය. බුදුරජාණන් වහන්සේව මල් පහන් පුදා, භාවනා අසුනක් පිළියෙල කැර ගෙන එහි වාඩි වී බුද්ධාදී උතුමන් අනුගමනය කරන මම කුමන මාර බලයකින් වුවද නොසැලෙමි’ යන දැඩි අදිටනින් භාවනාවට සූදානම් විය යුතුය. අනතුරුව ත්‍රිවිධ රත්නයට මගේ් ජීවිතය පූජා කරමි, ආචාර්ය උපාධ්‍යායන්ට මගේ ජීවිතය පූජා කරමි. මේ උතුම් පිළිවෙතින් ඒකාන්තයෙන්ම ජාති ජරා, මරණ දුක් වලින් මිදෙමි’ යි යනුවෙන් ප්‍රාර්ථනා කිරීම සුදුසු ය. එසේම ස්වල්ප වේලාවක් තමන් ඇතුළු සියලු සත්ත්වයනට මෙත් වැඩි යුතුය. මෙම පූර්ව කෘත්‍යයක් අනිවාර්යයෙන්ම සිදුකළ යුතුය. නොයෙක් අරමුණු වලින් සිත නිදහස් කර ගත යුතුය. අනතුරුව නිවන පිළිබඳ මෙනෙහි කළ යුතුය. එනම් නිවන වනාහි විරාගිය මදනිම්මදය පිපාස විනය, ආලය සමුග්ඝාතය, වට්ටුපච්ඡේදය, තණ්හකඛය, නිර්වාණය ආදී වශයෙන් එහි ගුණයන් සිහිපත් කළ යුතුය. මෙම ගුණ පිළිබඳ ඉතා කෙටියෙන් මෙසේ හැඳින්විය හැකිය.

විරාග - රාගය අංශු මාත්‍රයක් හෝ නොමැත. එබැවින් විරාගය වෙයි.

මදනිම්මදය - පුරුෂ මද, ස්ත්‍රි මද, යොබ්බන මද, ආරෝග්‍ය මදය, ජාති මදය, කුලමදය නොමැති හෙයින් මදනිම්මද වෙයි.

පිපාස විනය - කාම පිපාසය නිවනෙහි නොමැත.

ආලයසමුග්ඝාතය - සියලු ඇලීම්, බැඳීම්, ආශාවන් නිවනෙහි නැත.

වට්ටුපච්ඡේදය - නිවනෙහි ජාති, ජරා, මරණාදි සියලු දුක් නැත

තණ්හක්ඛය - කාම, භව, විභව ආදී සියලු තණ්හාවක් නැති කළ නිසා තණ්හාක්ඛය නම් වෙයි.

නිර්වාණය - සියලු වාණ සංඛ්‍යාත ඇලීම්, බැඳීම් නැති නිසා නිර්වාණ නම් වෙයි.

මෙයට අමතරව නිවනෙහි ගුණ වශයෙන් මෙසේ මෙනෙහි කළ හැකිය. නිවන වනාහි ප්‍රත්‍යයන් නූපන් නිසා අසංඛ්‍යතය. නිවන සත්‍යය නිසා සච්චය. නිවන ජරාවක් නැති නිසා අජරය. නිවන ස්ථිර නිසා ධුවය. නිවන තෘෂ්ණා පසුතැවිලි නැතිනිසා නිප්පඤ්චය. නිවන මරණ නැති නිසා අමරය. කෙළෙස් නැති නිසා සිවය. උපද්‍රව නැති නිසා ඛෙමය. අභූ®තපූර්ව නිසා අබ්භූතය. අතර්ත නැති නිසා අනතිතය. දුක්නැති නිසා අව්‍යාජජ්ජය, පිරිසිදු නිසා විසුධිය කාම, භව, දිට්ඨි, අවිජ්ජා චතුර් ඕඝ නැති නිසා දීපය. සසර දුකින් එතෙර කරන නිසා තානනය.

මෙසේ යළි යළිත් නිවණෙහි ගුණ සිහි කරන විට නීවරණ යටපත් වී ධ්‍යානයන්ගේ ඉපැදීම සිදුවෙයි. විතක්ක, විචාර, පී‍්‍රති, සුඛ, ඒකග්‍රතාව යන ධ්‍යාන අංග පහළ වෙයි. එමගින් උපචාරධ්‍යානය ලැබෙයි. උපසමානුස්සති භාවනාව වැඩීමෙන් බුද්ධ ගෞරවය දියුණුවීම නිවන කෙරෙහි යොමුවීම, උපසමමානුස්සති භාවනාව දියුණු වීම, භාවනා පී‍්‍රතිය බහුලවීම, භාවනා ඤාණය දියුණු වීම, නිවන අරමුණු කැරගෙනම සිත පැවතීම, ධ්‍යානයට පූර්වභාග පි‍්‍රතිය ඇතිවීම, කෙළෙස් සන්සිඳී කය සැහැල්ලු වීම, ධ්‍යානයට පූර්වභාග සුඛය ඇතිවීම, අංග සම්පූර්ණ උපචාර ධ්‍යානය ආදී අනුසස් ලැබෙන බව සඳහන් වේ. මෙම ආනිසංස එකවිට ලැබිය නොහැක. සිහිනුවණින් දිරිමත්ව වඩන විට ක්‍රම ක්‍රමයෙන් සියලු ආනිසංසයෝ පහළ වෙති.

උපසමානුස්සති භාවනාව වඩන යෝගියාගේ ශරීරය පවා චෛත්‍යයක් මෙන් පිදීමට සුදුසු වෙයි. ඔහුගේ සිත ‘නිවන’ වෙතම නැමී තිබෙයි. යම්කිසි පාපයක් කිරීමට සිතිවිල්ලක් ඇතිවූ විගස නිවන පිළිබඳ සිහිපත් වෙයි. ඒ නිසාම පව් කිරීමට ලජ්ජා භය ඇති වෙයි. මේ ආත්මයේ මගඵල නොලැබුනහොත්, ඒකාන්තයෙන්ම මරණින් මතු සතර අපායෙහි නොවැටී සුගතිගාමී වෙයි.

ස්මා භවේ අප්පමාදං - කයිරාථ සුමේධසෝ

ඒවං මහානුභාවාය - උපසමානුස්සති සදා’

යනුවෙන් සඳහන් පරිදි, මහානුභාවසම්පන්න වූ උපසමානුස්සතිය නුවණැති ඔබ විසින් පුරුදු පුහුණු වී අප්‍රමාදීව වැඩීමට අධිෂ්ඨාන කැර ගත මැනවි.

උපුටාගැනීම - බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම
මහා විහාරාධිපති, ධර්මවේදී
නාලන්දේ විමලවංශ හිමිගේ ලිපියකිනි.

විශේෂ ස්තූතිය (පටිගත කිරීම සහ සංගීත සංයෝජනය) - දිල්හාර නන්දසිරි ( Tone Fab studio)

Song Upasamanussathi bhawanawa
Artist Nalin Ilangarathna
Album Spiritual Music
Recorded Mix & Mastering Dilhara Nandasiri (Tone fab studio)
Video Creator Nalin Ilangarathna (Spiritual Music)
Licensed to YouTube by Labeled License by YouTube


Copyright Disclaimer:

Copyright Disclaimer under Section 107 of the copyright act 1976, allowance is made for fair use for purposes such as criticism, comment, news reporting, scholarship, and research. Fair use is a use permitted by copyright statutes that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favor of fair use.

© Nalin Ilangarathna - All Rights Reserved ®

උපසමානුස්සතිය - Upasamanussathi Meditation - නිවීමෙහි සතිය පිහිටුවීම (Mindful to Nibbana)

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

මරණානුස්සති භාවනාව -  (මරණය  පිළිබඳ සිහිය පිහිටුවීම) - Mindful to the Death

මරණානුස්සති භාවනාව - (මරණය පිළිබඳ සිහිය පිහිටුවීම) - Mindful to the Death

සබ්බ පාපස්ස අකරණං - Sabba Pāpassa Akaraṇaṁ - (The essence of the Buddhism)

සබ්බ පාපස්ස අකරණං - Sabba Pāpassa Akaraṇaṁ - (The essence of the Buddhism)

බුද්ධානුස්සති භාවනා සජ්ඣායනාව  (Buddhanussathi) - The infinite praise of Lovuthuru Buddha

බුද්ධානුස්සති භාවනා සජ්ඣායනාව (Buddhanussathi) - The infinite praise of Lovuthuru Buddha

Karaneeya Meththa Suthraya | කරණීය මෙත්ත සූත්‍රය 21ක් වාරයක්

Karaneeya Meththa Suthraya | කරණීය මෙත්ත සූත්‍රය 21ක් වාරයක්

තිලක්ඛණ භාවනාව - Meditation on the Three Marks of Existence | Ven. Wellawatte Seelagawesi Thero

තිලක්ඛණ භාවනාව - Meditation on the Three Marks of Existence | Ven. Wellawatte Seelagawesi Thero

Anapanasathi භාවනාව ගැන මගේ අත්දැකීම් | Anapanasathi bawanawa | Buddhist meditation | Buddhism

Anapanasathi භාවනාව ගැන මගේ අත්දැකීම් | Anapanasathi bawanawa | Buddhist meditation | Buddhism

ඔබේ සිත ශාන්ත භාවයට පත් කරවන මෛත්‍රී භාවනාව - Maithree Bhawanawa

ඔබේ සිත ශාන්ත භාවයට පත් කරවන මෛත්‍රී භාවනාව - Maithree Bhawanawa

මේ මොහොත 🧘‍♂️ Mindfulness 🧘🏻‍♀️ සතිමත් භාවනාව | දින 90 චැලේන්ජ් එක

මේ මොහොත 🧘‍♂️ Mindfulness 🧘🏻‍♀️ සතිමත් භාවනාව | දින 90 චැලේන්ජ් එක

ධම්මචක්කපවත්තන සූත්‍රය - Buddha's first Sutta Deshana (A musical effort to Buddha's divine teaching)

ධම්මචක්කපවත්තන සූත්‍රය - Buddha's first Sutta Deshana (A musical effort to Buddha's divine teaching)

ඔබගේ ලොක් ටික ඇරෙයි. ප්‍රඥාවන්තයන් සසරින් එතෙර වෙයි මෙිිකෙන් | #Lifealert #Abhidharmaya

ඔබගේ ලොක් ටික ඇරෙයි. ප්‍රඥාවන්තයන් සසරින් එතෙර වෙයි මෙිිකෙන් | #Lifealert #Abhidharmaya

සර්වසම්පුර්ණ ආරක්ෂාව සලසන ජ්වර පිරිත | #nauyane_ariyadhamma_thero #piritha #ජ්වරපිරිත |#jvarapirita

සර්වසම්පුර්ණ ආරක්ෂාව සලසන ජ්වර පිරිත | #nauyane_ariyadhamma_thero #piritha #ජ්වරපිරිත |#jvarapirita

මෛත්‍රී භාවනා සජ්ඣායනාව - ( Maithree Healing Chant ) - The power of Metta

මෛත්‍රී භාවනා සජ්ඣායනාව - ( Maithree Healing Chant ) - The power of Metta

සතිය පිහිටුවන්න, සමාධිය අපේක්ෂා නොකරන්න. සතිය ඇත්නම් සමාධිය වැඩේ.

සතිය පිහිටුවන්න, සමාධිය අපේක්ෂා නොකරන්න. සතිය ඇත්නම් සමාධිය වැඩේ.

මහා ශක්‍ර දේව නමස්කාරය.

මහා ශක්‍ර දේව නමස්කාරය.

ප්‍රඥා පාරමිතා හෘදය සූත්‍රය - Prajñāpāramitāhṛdaya Sutra -

ප්‍රඥා පාරමිතා හෘදය සූත්‍රය - Prajñāpāramitāhṛdaya Sutra - "The Heart of the Perfection of Wisdom"

නිවැරදිව ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන හැටි | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT

නිවැරදිව ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන හැටි | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT

Buddha ( A divine chant) - ITHIPISO BHAGAVA ARAHAN - for Deep Meditation and Spiritual Awakening

Buddha ( A divine chant) - ITHIPISO BHAGAVA ARAHAN - for Deep Meditation and Spiritual Awakening

දවස් හතෙන් නිවන් දකින අති ප්‍රබල භාවනාව මෙන්න | Buddhism Meditation Method |

දවස් හතෙන් නිවන් දකින අති ප්‍රබල භාවනාව මෙන්න | Buddhism Meditation Method |

පූජනීය නා උයනේ අරියධම්ම හිමියන්ගේ භාවනා අත්දැකීම් ︱ මෛත්‍රී භාවනාව - Ariyadhmma Thero's Practises

පූජනීය නා උයනේ අරියධම්ම හිමියන්ගේ භාවනා අත්දැකීම් ︱ මෛත්‍රී භාවනාව - Ariyadhmma Thero's Practises

මෝර පිරිත - (Mora pariththa chanting) - A traditional theravada buddhist chanting about protectivity

මෝර පිරිත - (Mora pariththa chanting) - A traditional theravada buddhist chanting about protectivity

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]