ශුන්‍යතා ධර්මය - Shunyatha Dharmaya

ශුන්‍යතා ධර්මය කියන්නේ,
පටිච්චසමුප්පාදයන් තුළ නාමරූප වලින් එකතු වෙන පඤ්චඋපාදානස්කන්ධයන්ගේ රූප වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණවලට මෙය මගේය, මෙය මමය, මෙය මගේ ආත්මයයි කියා අස්මිමානය සහ සක්කාය දිට්ඨියක් තියෙනවා කියා සියලූම සත්වයා තුළ මවාපාන මායාව,
නිමිති රූපය නිරෝධයෙන් පටිච්චසමුප්පාදයන් නිරෝධව ගිය පසුව, ඒ පටිච්චසමුප්පාදයන් තුළ නාමරූප හේතුවෙන් එකතු වෙන පඤ්චඋපාදානස්කන්ධයන් ද නිරෝධ වුණ පසුව එනම්, රූප වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ නිරෝධ වී ගිය පසුව ඒවා මගේය, ඒවා මමය, ඒවා මගේ ආත්මයයි කියා දෙයක් නැති බවටයි ශුන්‍යතාව කියන්නේ.
එය පාලි භාෂාවෙන්
නේතං මම, නේසොහමස්මි, නමේසො අත්තා ති.

එසේ නොමැතිව ශරීරය නැමති රූපය තුළත් සිත නැමති නාම ධර්ම කියා පඤ්චඋපාදානස්කන්ධය නාමරූප දෙකට බෙදාගෙන එහි සත්වයෙක්, පුද්ගලයෙක් නැතිය බෞද්ධ ආචාරවරුන් කියන මිත්‍යාවට නොවේ.