Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Uchchimuni to Kalpitiya | උච්චිමුනෙයි පාසල සහ ධීවර වාඩි අතරින් වැලි මාවත දිගේ කල්පිටියට

Автор: Dinesh A Pathum

Загружено: 2023-10-21

Просмотров: 64067

Описание:

කල්පිටිය සිට "රස්සාවේ" යන ධීවර බෝට්ටු වලින් කොටසක් උච්චිමුනෙයි තුඩුවට පැමිණෙන්නේ දැල් ආම්පන්න සදහා අවශ්‍ය වැලි උර වැලි වලින් පුරවා ගැනීමටයි. මෙම ධීවරයන් "රස්සාවේ යනවා" නැතිනම් "රස්සාවට යනවා" යනුවෙන් ගරු කොට පවසන්නේ ධීවර රැකියාව සදහා බෝට්ටුවෙන් මුහුදු යෑමයි. "කල්පිටියෙ ඉදන් ද එන්නේ....?" මා එක් ධීවරයෙකුගෙන් විමසූවේ තොරතුරු ටිකක් දැන ගැනීමටයි. "ඔව් ඔව්... හැමදාම දැලට ඕන වැලි උර ගහගන්නේ මෙතනින්.. අපරාදෙනේ කල්පිටියෙ ඉදන් බර පටවගෙන එන්නේ.." ඔහුගේ පිළිතුර විනි. "උදේ ගිහින් රෑද එන්නේ..?" මාගේ ප්‍රශ්න නම් අවසාන නොවේ. "වෙලාවක් නෑ මහත්තයෝ.. වාසියක් උනේ නැත්තම් රෑ වෙනකම් හරි ඉදලා එන්නේ.." එසේ කියා සුසුමක් හෙළමින් බලාපොරොත්තු සහිතව වැලි උරය ගැට ගැසුවේ අපට පිටත් වීමට කාලය එළබ ඇති බැව් අතින් සංඣා කරමිනි. "සුභ ගමන්.." කියමින් අප ඔවුනට සමු දුන්නේ අප පමණක් ඉතිරි වූ නිදහස් වැලි තුඩුවට වී,සොබාදහමේ සුන්දරත්වය සමග කාලය ගත කිරීමටයි.

තේ පානයෙන් අනතුරුව එහා මෙහා පෙනෙන නොගැඹුරු මුහුදට පැන සිත් සේ නාකියා ගත්තේ ඒ මේ අත පිහිනා යමිනි. කෙසේ වෙතත් දූපතක තනි වූවාක් මෙන් නිදහස් හැගීමක් උච්චිමුනෙයි තුඩුවට වී කාලය ගත කල අපට හැගෙන්නට විය. දිය නා අවසාන වූ පසු කූඩාරම් සියල්ල නැවතත් හකුලා ගමන් මලු සමග මෝටර් සයිකල් වලට තබා ගැට ගසා ගත්තේ අප කංඩායම නැවතත් කිලෝමීටර් පහළොවකට වැඩි දුරක් කල්පිටිය දක්වා දුශ්කර මගක් ඔස්සේ පැමිණිය යුතු නිසාවෙනි.

උදෑසන දහය පමණ වන විට අප කණ්ඩායම උච්චිමුනෙයි වැලි තුඩුවට සමු දී ආපසු ගමන් ඇරඹූ අතර,අප ඒ එන අතරවාරයේ මුලින්ම ගොඩ වැදුනේ වැලි තුඩුවේ සිට කිලෝමීටර් දෙකක පමණ දුරින් පිහිටා ඇති උච්චිමුනෙයි පාසල වෙතයි. අප යන විටත් කුඩා දරු දැරියන් අසූවකට ආසන්න සංඛයාවක් ගුරුවරුන් සමග ක්‍රීඩා කටයුතු කරමින් පසු වූ අතර ඒ සියලුම දෙනා පාසලේ මායිම ලෙස පිහිටා ඇති දැල් වැට වෙත දිව ආවේ අප ගමන් ගත් යතුරු පැදි දෙස පුදුමයෙන් මෙන් බලමින් මින් පෙර නොදුටු විරූ පුදුම සහගත දෙයක් බලන්නට එන්නාක් මෙනි.

කෙසේ වෙතත් වැට මායිමේ නතර වූ අප එක් දරුවකුගෙන් විමසා සිටියේ "කෝ පුතේ ටීචර් පුතාලගේ..?" යනුවෙනි. දරුවා පිළිතුරු දීමටත් මත්තෙන් එක් ගුරු බවතෙක් වැට මායිම ආසන්නයට පැමිණි අතර එතුමාට අප කල්පිටියෙන් ‍රැගෙන පැමිණි පෑන්,පැන්සල්,ඉරේසර් සහ කටර් වැනි පාසල් උපකරණ කිහිපයක් ලබා දුන්නේ "බයික් වලින් ගේන්න පුලුවන් විදිහට අරං ආවා සර් අපි.." කියමිනි. "අපිත් ගොඩක් දුර ඉදන් එන්නේ මේ ළමයි වෙනුවෙන්.. අර බෝල දාන්නේ මේ ඉස්කෝලේ ප්‍රින්සිපල් සර්.. අද තමා අපි ලෝක ලමා දිනේ වෙනුවෙන් ළමයින්ට සෙල්ලම් කරන්න දුන්නේ.." යනුවෙන්,ගුරුතුමා අප සමග පවසා සිටියේ ඈත දුශ්කර පාසලක අදටත් කාරුණික හදවත් ඇති ගුරුවරුන් සිටිනා බවට සාක්ෂි සාධක සපයමිනුයි.

පාසලට සමු දී පැමිණෙන විට මද්‍යහනය ලං වී තිබූ අතර හිරුගේ රශ්මියත්, රත් වූ වැලි නිසාත් ගමනේ දුශ්කර බව තවත් වැඩි විනි. කෙසේ වෙතත් අප කෙමෙන් කෙමෙන් කිලෝමීටර් ගණනාවක් ගෙවා දමමින් කුඩා ධීවර වාඩි කිහිපයක් සමීපයට ලගා වූයේ කුඩා විවේකයක් ලබා ගැනීමටයි. තැනින් තැන නතර කරණ ලද යතුරු පැදි ලගම වාඩි වී සිටි අපගේ නෙත ගැටුනේ කුරුම්බා වලු වලින් ඵල බර වී ඇති පොල් ගස් කිහිපයකි. "සල්ලි දීලා කඩාගමුද?.." මාගේ අදහස විනි. "ගියොත් වචනයක් ආවොත් කුරුම්බා" කියමින් කෝලිත මල්ලී ධීවර වාඩියක් වෙත ඇවිද ගියේ අව් කූටේ පැමිණි අපට කුරුම්බා ගෙඩියක් බීම සැබැවින්ම දිව්‍ය ඔෂධයක් හා සමාන වන නිසාවෙනි.

"මේ අපිට කුරුම්බා කඩන්න එපා කිව්වා.. එයාලා කඩලා දෙන්නම් කිව්වා.. ඒක නෙමෙයි වැඩේ පාන් කන්න පරිප්පුවත් ඒ නැන්දාම හදලා දෙන්නම් කිව්වා.." යැයි කියමින් නැවතත් කෝලිත මල්ලි අප වෙත පැමිණියේ කණ්ඩායමේ සියලුම දෙනාට සැනසුම් සුසුමක් හෙලීමට අවස්ථාව සළසා දෙමිනුයි.

මේ සොදුරු සංචාරය රූප රචනාවෙන්ම නරඹමු

ආයුබෝවන් මම දිනේෂ්.

The second episode of one of the most adventurous motorcycle rides I have ever done. This video begins from the second morning we spent at the uchchamunai. It was a glorious sunrise on that day. We had our morning tea there, and while that was, we met a few fishermen who came to Uchchamunai to make sandbags for their fishing purposes. After that, since we had to leave this beautiful place, we cleared our campsite. While on our way, we stopped at the only school in this area and handed over a few school supplies which we brought. After that, we were fortunate to have a beautiful hospitality from one of the village families. This was a memorable experience—my gratitude to Ceylon Adventure Tours.

Greetings
I am Dinesh

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram -   / dinesh_a_pathum  
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

“Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“

Uchchimuni to Kalpitiya | උච්චිමුනෙයි පාසල සහ ධීවර වාඩි අතරින් වැලි මාවත දිගේ කල්පිටියට

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Haputale | බඹරකන්ද ඇල්ලට ඉහලින් යකාගේ පඩිපෙළ හරහා එඩිෂම් බංගලාවට | 4K

Haputale | බඹරකන්ද ඇල්ලට ඉහලින් යකාගේ පඩිපෙළ හරහා එඩිෂම් බංගලාවට | 4K

ඊයේ  රෑ කොළඹ හෙල්ලෙන  සිදුවීමක් නත්තලේ සුභ ආරංචියක් අනුර තමයි මිනිහා kalapaththare/කැලෑ පත්තරය

ඊයේ රෑ කොළඹ හෙල්ලෙන සිදුවීමක් නත්තලේ සුභ ආරංචියක් අනුර තමයි මිනිහා kalapaththare/කැලෑ පත්තරය

Mannar Adam’s Bridge,Rama Setu,සංචාරයට අපහසු වැලි දූපත් සොයා ඉංදියාව කිට්ටුවට බෝට්ටුවෙන්#adamsbridge

Mannar Adam’s Bridge,Rama Setu,සංචාරයට අපහසු වැලි දූපත් සොයා ඉංදියාව කිට්ටුවට බෝට්ටුවෙන්#adamsbridge

Тозо сиз куткан лодкалар келди 23.12.25 Балиқчилар Дунёси Магазинида #Рыбакихорезма

Тозо сиз куткан лодкалар келди 23.12.25 Балиқчилар Дунёси Магазинида #Рыбакихорезма

දීර්ගතම මාර්ගය ඔස්සේ සිරිපා කරුණාව | The Loangest Adam’s Peak Route in Sri Lanka

දීර්ගතම මාර්ගය ඔස්සේ සිරිපා කරුණාව | The Loangest Adam’s Peak Route in Sri Lanka

Chundikulam Bird Sanctuary | Chudikulam to Mullaitivu | Sand Dunes | මුලතිව් වෙරළේ කෑම්පින්ග් | 4K

Chundikulam Bird Sanctuary | Chudikulam to Mullaitivu | Sand Dunes | මුලතිව් වෙරළේ කෑම්පින්ග් | 4K

යාල කලාප 3 හරහා කැබිලිත්ත ට ගිය අතිබිහිසුණුම ගමන | වැසි සමයේ Kabiliththa වන්දනාව 2025 | Episode  01

යාල කලාප 3 හරහා කැබිලිත්ත ට ගිය අතිබිහිසුණුම ගමන | වැසි සමයේ Kabiliththa වන්දනාව 2025 | Episode 01

Авторынок Каунас шокирует ценами 195

Авторынок Каунас шокирует ценами 195

🔴ජනපති නාමල්ගේ තරම පහදා දෙයි - නාමල්ට කට උත්තර නෑ   #akd #latestnews

🔴ජනපති නාමල්ගේ තරම පහදා දෙයි - නාමල්ට කට උත්තර නෑ #akd #latestnews

Muththiyankattu Lake Night Camping | Kurundi Temple |  මුලතිව් මහ වන මැද පිහිටි කුරුන්දි විහාරය සොයා

Muththiyankattu Lake Night Camping | Kurundi Temple | මුලතිව් මහ වන මැද පිහිටි කුරුන්දි විහාරය සොයා

Uchchimuni | Kudawa to Uchchimuni Sand Road | මෝටර් සයිකල් වලින් ගිය උච්චමුනෙයි සංචාරය | #uchchimuni

Uchchimuni | Kudawa to Uchchimuni Sand Road | මෝටර් සයිකල් වලින් ගිය උච්චමුනෙයි සංචාරය | #uchchimuni

Batticaloa Land of the Singing Fish| Road Trip Sampur to Batticaloa | Camp by the Beach #batticaloa

Batticaloa Land of the Singing Fish| Road Trip Sampur to Batticaloa | Camp by the Beach #batticaloa

මම සතිය හරහාම ගවේශනය අවසන් කලෙමි . කැනඩාවේ සාරනි විජේවර්ධන විපුල වනිගසේකර සමග සංවාදය

මම සතිය හරහාම ගවේශනය අවසන් කලෙමි . කැනඩාවේ සාරනි විජේවර්ධන විපුල වනිගසේකර සමග සංවාදය

Senanayake Samudraya| Reservoir |Elephants in Sri Lanka-04 ලංකාවේ ලොකුම ජාලාශයේ අලිත් එක්ක දින දෙකක්

Senanayake Samudraya| Reservoir |Elephants in Sri Lanka-04 ලංකාවේ ලොකුම ජාලාශයේ අලිත් එක්ක දින දෙකක්

තණමල්විල පැලක ගමේ කෑමක් | Leaf Ali Malli Thanamalwilla 🇱🇰 | Sinhala Travel Vlog #travel

තණමල්විල පැලක ගමේ කෑමක් | Leaf Ali Malli Thanamalwilla 🇱🇰 | Sinhala Travel Vlog #travel

Kohonawala |අති දුශ්කර ගමන් මගක කෙලවර නිම්නයක පිහිටි

Kohonawala |අති දුශ්කර ගමන් මගක කෙලවර නිම්නයක පිහිටි "කොහොනාවල"ගම්මානය සොයා | කිලෝමීටර් 9ක් පයින්

Kalpitiya | Kudawa to Uchchimuni Sand Road  #uchchimuni #kalpitiya #overland #camping

Kalpitiya | Kudawa to Uchchimuni Sand Road #uchchimuni #kalpitiya #overland #camping

Poonagala Camping | පූනාගල අලිත් එක්ක ගෙවුණු රැයක් Ft @SecretTraveller

Poonagala Camping | පූනාගල අලිත් එක්ක ගෙවුණු රැයක් Ft @SecretTraveller

ශාන්ත පද්ම කුමාරගේ ගංජා වගාව ගැන සුදා අසයි | මේක ස. ජ. බේ OIC එක්ක එකතුවෙලා ගහපු ගේමක්

ශාන්ත පද්ම කුමාරගේ ගංජා වගාව ගැන සුදා අසයි | මේක ස. ජ. බේ OIC එක්ක එකතුවෙලා ගහපු ගේමක්

Udawadiya Village Travel Documentary | Gona Panna Ella #overlanding #travelweekend #offroad #4x4

Udawadiya Village Travel Documentary | Gona Panna Ella #overlanding #travelweekend #offroad #4x4

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]