නිධානයක් රකිනා කඬුක්කන් ආඳා සොයා ගියෙමි | සන්දරවල | travel puncha |
Автор: travel puncha
Загружено: 2023-10-12
Просмотров: 1233
සන්දරවල
දකුණු පලාතේ තවත් සුවිශේෂි ස්ථානයක් ලෙස බද්දේගම පිහිටි සන්දරවල පෙන්වාදීමට හැකිය. සන්දරවල සුවිශේෂී වීමට ප්‍රධාන හේතු සාදකය වී ඇත්තේ මෙහි පිහිටා තිබෙන ජලාශය හේතුවෙනි. හෙල රජ දවස දක්වා දිවයන දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන මෙම ස්ථානය ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් ලෙස හදුන්වා දීමට හැකිය.
කාවන්තිස්ස රජ සමය දක්වා ඉතිහාසයකට උරුමකම් කියන මෙම සන්දරවල ජලාශය සන්දරවල නම පට බැදීමට හේතු වී ඇති බව මූලාශ්‍ර වල මෙන්ම කට වහරේ ජනවහරේ ජනප්‍රවාදයේ ද දක්නට ලැබේ. මෙම ස්ථානය පිලිබදව ඉතිහාස කතා මෙන්ම ජනප්‍රවාද තොරතුරු රාශියක්ද දක්නට ලැබේ .
ඒ අනුව කාවන්තිස්ස රජ දවස සන්දරවල ජලාශය කීඹිඇල හා සම්බන්ධ කර සන්දරවලට රන් දොරටුවක් යොදා ඒ හරහා කුඹුරු සදහා ජලය මුදා හල බවට තොරතුරු දැක්වේ. එසේ රන්දොරටුවක් දැමු වල රන්දොරවල පසු කාලීනව සන්දරවල නම් වු බව මූලාශ්‍ර තොරතුරු අනාවරණය කරයි.
ඒ වගේම හැඩිදෙමල කන්දේ ඉතිහාසයේ කතා නායකයා වන ජන්ද නම් දෙමල සෙම්පතියා තම වස්තු සම්බාරය සමග මෙම ජලාෂයට පැන දිවි නසා ගත්බව ජනප්‍රවාදයේ දක්නට ඇත. ඒ අනුව ජන්ද පැන්න වල පසු කාලීනව සන්දරවල නම් වු බව ජනප්‍රවාදයේ තොරතුරු හෙලි කරයි.
මෙයා කාරයට නම් වු සන්දරවල සූවිශේෂි වන්නට හේතු කාරනාවන් බොහොමයක් ජනප්‍රවාදයේ දක්නට ඇති අතර ඒවා බැහැර කිරීමට නොහැකි වී ඇත්තේ ඒ සමහර සිදුවීම් දුටු මිනිසුන් සිටිනා බැවිනි. ඒ අනුව එක් ජනප්‍රවාදයක් වන්නේ මෙහි විශාල නිදානයක් රකිමින් කඩුක්කන් ආදකු සිටනා බවට ජනප්‍රවාදයේ පැවතීමත් එය දැක්කායයි කියන මනිසුන් සිටිමත්ය .
හැඩි දෙමල කන්දේ විසූ දෙමල සෙම්පතියා මෙම ජලාශයට පැන දිව නසා ගත් බවත් පසු කාලීනව ඔහු ආදකුව ඉපිද එම වස්තුව ආරක්ෂා කරන බවත් මතයක් ඇත. එමෙන්ම මෙම ජලාශයේ ඇති දේවල් තමන්ගේ පරිබොජනයට ගන්නා වුන්ට දරුනු ප්‍රතිවිපාකයන්ට මුහුන දීමට සිදු වි ඇති බව ඉතිහාසය විමසා බැලීමේදී දක්නට ලැබේ.
මෙහි වෙසෙන ආදා පොහෝ දිනවල ගොඩට එන බවත්, ඒ බව දත් පිරිසක් එක්දිනක මෙම ආදා ගොඩට පැමිනි විටක රැක සිට කඩුවකින් කොටා ඇති අතර එවිට ආදාගේ ඕළුව කොටස වතුරට වැටුනු අතර පසුපස කොටස ඔහුන් රැගන ගොස් අනුබව කර ඇත එය සිදුවී දවස් කිහිපයකට පසුව ඔහුන් සියලු දෙනාවම ලේ අතීසාරය වැලදී මරු තුරුලට ගිය බව ජනප්‍රවාදයේ දක්නට ලැබේ
මෙවැනි ජනප්‍රවාද බොහොමයක් සන්දරවල මෙන්ම කඩුක්කන් ආඳා වටා ගොඩ නැගී ඇත.
එමෙන්ම මෙම ජලාෂයේ කිසි දිනක ජලය සිදී නොයන බවත්, කොපමන ජලය හිස් කලද මහ වැසි වැස එය යලි පිරී යන බව ජනප්‍රවාදයේ මෙන්ම ඉතිහාසයේ ඕනෑ තරම් සාක්ෂි දැකිය හැකිය.
ගාලු ප්‍රදේශය තුල ප්‍රතම වරට තේ වගාව ආරම්භ කල මාකුරුගොඩ වත්තේ එක් නියං තත්වයක් හේතුවෙන් පැල මිය යමින් පැවතුනි. ඒ අවස්ථාවේ කම්කරුවන්ගේ ඉල්ලීම මත එම වත්ත පාලනය කල බෝමන් නම් සුදු ජාතිකයා විසින් සන්දරවල ඉසීමට කටයුතු කල අතර එවිට විශාල වැසි වැස ගංවතුර ගලා සන්දරවල පිරී ගොස් ඇති බව දැක්වේ. එමෙන්ම මෑත කාලීනව එක්තරා නියං සමයක් පුප්‍රසිද්ධ ගගබඩ මුදලාලිනම් ව්‍යාපාරිකයා විසින් ගනේගම සරනංකර හිමිගේ උපදෙස් මත මෙම ජලාශය හිස් කිරිමට උත්සාහ කගද එවිට විශාල වර්ශපතනයක් ඇද හැලී නියගය අවසන් වු අතර පසුව ජලාශය මැද පිරිත් මන්ඩපයක් ඉදි කර පිරිත් කියා භාරය ඔප්පු කල බව සදහන් වේ.
මෙවැනි ඓතිහාසික වටිනා කමකින් යුතු මෙම ස්ථානයට අද වන විට සොචනීය ඉරනමක් උදා වී ඇත. අද වල් බිහිවී ජලාශය පෙනෙන නොපෙනෙන තත්වයට ලක්වී ඇත. ඒ පිලිබදව අදාල බලදාරීන්ගේ ඇස නෙත ඇරි නැති බව එහි ගිය අපට දැකිය හැකි විය. කලකයගට ඉහත කල සංවර්ධන කටයුතුඅදවන විට විනාශ වී පිරිහී ගොස් ඇතිබව දැකිය හැකිය. එමෙන්ම ජලාශය දෙපස කැලිකසල බැහැර කරන ස්ථානයක් බවට පත්වී ඇත.
මෙම ස්ථානය ඉතිහාසයේ සොදුරු පරිච්ඡේදයක් වුවද අද පත්වඇති තත්වයත් , මෙහි ඉතිහාසය පිලිබද නුතන පරම්පරාව නොදන්නා තත්වයත් ඉතා කනගාටුවට කරුනක් ලෙස පෙන්වා දීමට හැකිය.
එබැවින් මෙවන් ස්ථානය පිලිබද බාල තරුණ පරම්පරාවන් දැනුවත් කිරීම අපගේ යුතු කමක් ලෙස සලකා මා ගත් උත්සාහය සාර්තක වී ඇතයි මා සිතමි.
අදාල බලදාරීන් මේ පිලිබදව ඇස් යොමා මෙම ස්ථානය රැකගෙන අනාගත පරපුර වෙනුවෙන් සුරකින ලෙස අවසන ඉල්ලා සිටිමි
travel punch
........................................................................................
#natural #travel #visitsrilanka #srilanka #dronevideo #srilankentravel #naturalsrilanka #travelpuncha #beautifuldestination
Certainly, here are 20 strong search tags related to travel:
#TravelDestinations #AdventureTravel
#Wanderlust
#ExploreTheWorld
#TravelTips
#VacationIdeas
#SoloTravel
#FamilyAdventures
#CulturalExploration
#BudgetTravel #LuxuryGetaways
#HikingAdventures
#BeachVacations
#naturephotography #droneshot #aerialview #mountainview #exploreoutdoors #hikingadventures #greenery #landscapelovers #natureperfection #scenicview #wanderlust #travelgoals #earthvisuals #mothernature #ecotravel #traillife #getoutside #naturelovers #outdoorphotography #adventureseeker #epicviews #conservation #naturewalk #sustainabletravel #exploremore #wildernessculture #naturebrilliance #trekking #backcountry #earthfocus
.....................................................................................
travel puncha facebook page follow
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: