Yakdessagala|Kuwenigala ⛰️ යක්දෙස්සාගල සහ කුවේණිගල තරණය Kuwenigala is Dangerous hike in sri lanka.🇱🇰
Автор: Travel With T DUBS
Загружено: 2025-10-04
Просмотров: 679
යක්දෙස්සාගල...😍🌿
වයඹ පලාතේ කුරුණැගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මෙය කුවේණිය දෙස් තැබූ ගල නොහොත් යක්දෙස්සාගල නමින් හඳුන්වනු ලබයි.විජය රජු විසින් දරු දෙදෙනෙකු සමග අතහැර දැමූ කුවේණිය , විජය රජුට හා සිංහල ජාතියට සාප කර මේ පර්වතය මුදුනෙන් පහලට පැන දිවිනසා ගත් බව ජනප්‍රවාදයේ කියැවේ,
එමෙන්ම කුවේණියගේ ඥාතීන් විසින් කුවේණිය මරා දමා මෙම ගල් පර්වත මුදුනේ සිට පහලට දැමූ බවටද ජනප්‍රවාදයක් ඇත..
ඥාතීන් විසින් මරාදැමු කුවේණියගේ දෙඇස් යක්දෙස්සාගල පර්වතය පිහටා ඇති ප්‍රදේශයේ කිසියම් ස්ථානයක නිධන් කර ඇති බවද සදහන් වේ.
වයඹ පලාතෙ දෙවෙනියට උසින් වැඩිම කන්ද ලෙස යක්දෙස්සාගල හදුන්වයි.
එහි උස 540 m ලෙස සැලකේ..⛰
මෙම කඳු මුදුනට
▶දොලුකන්ද,
▶ඇතුගල,
▶කුවේණිගල,
යන කඳු සහ දැදුරු ඔය ජලාශය හොඳින් දැක බලාගන්න පුලුවන්.
මේ මනරම් කඳු මුදුනට මේ වීඩියෝව නරඹන ඔයාටත් එන්න හිතුනොත්
කුරුණෑගල පුත්තලම මාර්ගයේ මාස්පොත හංදියෙන් දකුණට ඇති මාර්ගයේ ගොස් සංවැලි රජමහා විහාරය අසලින් යක්දෙස්සාගලට පිවිසීමට ඔබටද හැකියාව ඇත. (තවත් මාර්ග ඇත)
ඕනම පැත්තක ඉදලා එන කොනෙක්ට google map එකේ සංවැලි රජමහා විහාරය කියලා location දා ගත්තොත් හරියටම කන්ද නගින තැනටම එන්න පුලුවන්, පන්සල ඉස්සරහා පොඩි අඩි පාරක් තියෙනවා කන්ද මුදුනට යන්න,
තවත් මේ වගේ සොඳුරු ඉසව්වකින් හමුවෙමු💚
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: