Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ප්‍රදීපාගාරය I Episode 18 I බර්ටොල්ට් බ්‍රෙහ්ට් I Bertolt Brecht

Автор: Sisira Kumara Bandaragama

Загружено: 2026-01-19

Просмотров: 2164

Описание:

නූතන නාට්‍ය කලාව ගැන කතා කරනකොට කිසිම විදියකින් මග හරින්න බැරි නමක් තමයි - බර්ටෝල්ට් බ්‍රෙහ්ට්. වර්තමාන නාට්‍ය රචනයට, නිෂ්පාදනයට, අධ්‍යක්ෂණයට විතරක් නොවෙයි, නාට්‍යය රංගනයටත් බර්ටෝල්ට් බ්‍රෙහ්ට් කර ඇති බලපෑම අතිවිශාලයි. ඔහු හඳුන්වා දුන් වේදිකා නාට්‍ය සම්ප්‍රදාය අද ලෝකයේ නාට්‍ය කරුවන්ගේ ප්‍රමුඛ ප්‍රවනතාවක් බවට පත් වෙලා තියෙනවා. බර්ටෝල්ට් බ්‍රෙහ්ට් විසින් නාට්‍යකරණය පිලිබඳ ලියූ කියූ දේවල් අද නාට්‍යකරුවන්ට අත්පොතක් බවට පත් වෙලා තියෙනවා කියල කිව්වොත් නිවැරදියි.
ඔහු නාට්‍යකරුවෙක් පමණක් නොවෙයි - අද්විතීය කවියෙක්. ඔහු කවි සහ ගීත 2000කට වඩා ලියා තියෙනවා.
මේ සියල්ලටම වැඩිය - බර්ටෝල්ට් බ්‍රෙහ්ට් මිනිස් ඉතිහාසයේ ඉතාම දුෂ්කර සමයක ජීවත් වුනු ඒ ජීවිත අද්දැකීම් තම කලා මාධ්‍ය තුලින් එලිදක්වමින් මිනිස් සංහතියට සදා නොමැකෙන කලා කෘතින් රැසක් දායාදකල අද්විතීය කලාකරුවෙක් හැටියටයි, ඉතිහාසගත වෙන්නේ.
ඇත්තෙන්ම ඔහු වෙනස් කලේ වේදිකා නාට්‍යකරණය විතරක් නොවෙයි. ඔහු නාට්‍ය නරඹන්නා, වේදිකා නාට්‍ය ප්‍රේක්ෂකයාත් වෙනස් කල බව සඳහන් කල යුතුයි. ඔහු මේ සියල්ලම කලේ එකම එක අරමුණක් වෙනුවෙන්. ඒ තමයි වඩා හොඳ ලෝකයක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවෙන්.
ඉතින් මං හිතුවා අද ප්‍රදීපාගාරයෙන් මේ අපූරු කලාකරුවා ගැන කතා කරන්න. ඔහු ලිවූ වේදිකා නාට්‍යය, ඔහු හඳුන්වා දුන් වේදිකා නාට්‍ය සම්ප්‍රදාය අදටත් වලංගුයි. අපේ රටේ වේදිකා නාට්‍ය පිලිබඳ නව ප්‍රබෝධයක් ඇති වෙමින් පවතින මේ වකවානුවේ බර්ටෝල්ට් බ්‍රෙහ්ට් පිලිබඳ කතිකාව ඉතාම කාලෝචිතයි කියල මට හිතෙනවා. ඒ වගේම ඇසූපිරූ මිනිහෙක් හැටියට මේ අද්විතීය කලාකරු ගැන දැන සිටීමත් වැදගත්.
ඉතින් අද මේ වැඩසටහනින් සොයා බලමු - කවුද මේ බර්ටෝල්ට් බ්‍රෙහ්ට් කියන කලාකරුවා කියල. ඔහු රචනා කර නිෂ්පාදනය කල වේදිකා නාට්‍ය පිලිබඳ කතා කරන ගමන්ම - බර්ටෝල්ට් බ්‍රෙහ්ට් ගොඩනැඟූ ඒ නව නාට්‍ය සම්ප්‍රදාය - නැතිනම් ‘එපික් තියටර්’ - නමින් හැඳින්වන ඒ අලුත් නාට්‍ය සම්ප්‍රදායේ මූලික ලක්ෂණ ගැනත් අපේ අවධාණය යොමු කරමු. ඇත්තෙන්ම ඔහුගේ ජීවිත කතාවත් වේදිකා නාට්‍යයක කතාවක් වගේම අපූර්වයි, වර්ණවත්, සිත් කම්පාකරවන සුලුයි.

ප්‍රදීපාගාරය I Episode 18 I බර්ටොල්ට් බ්‍රෙහ්ට් I Bertolt Brecht

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

සමාජ විද්‍යාව කැලණිය 02 වසරට Karl Marx කාල් මාක්ස්ගේ ද්වන්ධාත්මක භොතිකවාදය 2n Year GAQ

සමාජ විද්‍යාව කැලණිය 02 වසරට Karl Marx කාල් මාක්ස්ගේ ද්වන්ධාත්මක භොතිකවාදය 2n Year GAQ

මම මේක ලංකාවේ කොහෙවත් කිව්වේ නෑ - Shyam Fernando | මතක පද (Mathaka Pada) | Gemunu Wanninayake

මම මේක ලංකාවේ කොහෙවත් කිව්වේ නෑ - Shyam Fernando | මතක පද (Mathaka Pada) | Gemunu Wanninayake

ප්‍රදීපාගාරය I Episode 17 I කාර්ල් මාර්ක්ස් I Karl Marx

ප්‍රදීපාගාරය I Episode 17 I කාර්ල් මාර්ක්ස් I Karl Marx

Lighthouse | ප්‍රදීපාගාරය - Episode 2 -ෆියොදෝර් දොස්තොයෙව්ස්කි-Fyodor Dostoevsky- Феодор Достоевский

Lighthouse | ප්‍රදීපාගාරය - Episode 2 -ෆියොදෝර් දොස්තොයෙව්ස්කි-Fyodor Dostoevsky- Феодор Достоевский

Sherlock Holmes | Episode 12

Sherlock Holmes | Episode 12 "අසාමාන්‍ය සොරකම " | SIRASAFM 2022 #radiodrama #sherlockholmes

සසර දුක් කටුක වූයේ මිනිසුන්ට පමණමද? 18+ - සක්වළ කයිය

සසර දුක් කටුක වූයේ මිනිසුන්ට පමණමද? 18+ - සක්වළ කයිය

දර්ශනයට ප්‍රායෝගික හැඳින්වීමක් | A Concrete Introduction to Philosophy | Vangeesa Sumanasekara

දර්ශනයට ප්‍රායෝගික හැඳින්වීමක් | A Concrete Introduction to Philosophy | Vangeesa Sumanasekara

අමරදේවයි මහගමසේකරයි අඹේපුස්සට ගිහින් මොකද කළේ?

අමරදේවයි මහගමසේකරයි අඹේපුස්සට ගිහින් මොකද කළේ?

Father චිත්‍රපටයට පසුබිම් වූ සත්‍ය කතාව - දොළොස් දෙනකු මරා පිළිස්සූ වවුල්කැලේ සමූහ මිනිස් ඝාතනය

Father චිත්‍රපටයට පසුබිම් වූ සත්‍ය කතාව - දොළොස් දෙනකු මරා පිළිස්සූ වවුල්කැලේ සමූහ මිනිස් ඝාතනය

බුලත් කොළේ දෙපැත්ත කඩලා කන්නෙ ඇයි?  I Tissa Jananayake with Life (EP 214)

බුලත් කොළේ දෙපැත්ත කඩලා කන්නෙ ඇයි? I Tissa Jananayake with Life (EP 214)

‘එදා රෑ - One Voice, Million Hearts’
මුහුරත් උළෙල

‘එදා රෑ - One Voice, Million Hearts’ මුහුරත් උළෙල

අර්ච්චුනා උබ ඔක්කොටම ඉස්සෙල්ලා අම්මට පු# දීපන් | SUDAA STUDIO |

අර්ච්චුනා උබ ඔක්කොටම ඉස්සෙල්ලා අම්මට පු# දීපන් | SUDAA STUDIO |

මානව ඉතිහාසයේ ශාපලත් බුද්ධිමතාගේ සත්‍ය කතාව | Leonardo da Vinci Darkest secrets

මානව ඉතිහාසයේ ශාපලත් බුද්ධිමතාගේ සත්‍ය කතාව | Leonardo da Vinci Darkest secrets

Lighthouse - ප්‍රදීපාගාරය - Episode 5 - ලියව් තෝල්ස්තෝයි - Lev Tolstoi

Lighthouse - ප්‍රදීපාගාරය - Episode 5 - ලියව් තෝල්ස්තෝයි - Lev Tolstoi

ප්‍රදීපාගාරය I Episode 16 I ඇල්බෙය කැමූ I Albert Camus

ප්‍රදීපාගාරය I Episode 16 I ඇල්බෙය කැමූ I Albert Camus

චමින්ද ජයසූරියගේ Father චිත්‍රපටයට පදනම් වූ ගම්පහ ඔස්මන්ගේ සත්‍ය කතාව

චමින්ද ජයසූරියගේ Father චිත්‍රපටයට පදනම් වූ ගම්පහ ඔස්මන්ගේ සත්‍ය කතාව

සුනාමිය ආවේ ජෙප්පෝ නිසා..විජේදාස - Vlog Ep 451 - Gune Aiyage Kamare

සුනාමිය ආවේ ජෙප්පෝ නිසා..විජේදාස - Vlog Ep 451 - Gune Aiyage Kamare

නොමියෙන සේකර | Doramadalawa - (2026 -01-13) | ITN

නොමියෙන සේකර | Doramadalawa - (2026 -01-13) | ITN

ප්‍රදීපාගාරය I Episode 10 I මක්සිම් ගෝර්කි I Максим Горький

ප්‍රදීපාගාරය I Episode 10 I මක්සිම් ගෝර්කි I Максим Горький

She Saved a Freezing Tiger Cub... Then Something Incredible Happened at Her Door ❄️🐅

She Saved a Freezing Tiger Cub... Then Something Incredible Happened at Her Door ❄️🐅

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com