ගීතාවලිය 1 : 1-6 - Sinhala AI Bible Song
Автор: Chamath Silva
Загружено: 2025-10-28
Просмотров: 355
ගීතාවලිය 1 : 1-6 - Sinhala AI Bible Song
[Chorus]
දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව නොයන්නාවූ,
පව්කාරයන්ගේ මාර්ගයෙහි නොසිටින්නාවූ,
නින්දාකරන්නන්ගේ ආසනයෙහි නොහිඳින්නාවූ,
ස්වාමීන්ගේ ව්‍යවස්ථාවෙහි ප්‍රීතිවන්නාවූ,
උන්වහන්සේගේ ව්‍යවස්ථාව රෑ දාවල් මෙනෙහිකරන්නාවූ,
මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය.
[Pre-Chorus]
ඔහු දිය ඇළවල් ළඟ හිඳුවූ,
නියම කලට ඵල දෙන, නොමැලවෙන කොළ ඇති ගසක් හා සමාන වන්නේය;
ඔහු කරන සියල්ල සඵලවෙයි.
[Verse 1]
දුෂ්ටයෝ එසේ නොව, සුළඟින් විසිර යන බොල් හා සමානය.
එබැවින් දුෂ්ටයෝ විනිශ්චයෙහිද පව්කාරයෝ ධර්මිෂ්ඨයන්ගේ සමාගමෙහිද නොසිටින්නෝය.
මක්නිසාද ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨයන්ගේ මාර්ගය දන්නාසේක.
නුමුත් දුෂ්ටයන්ගේ මාර්ගය විනාශවන්නේය.
...
මේ ගීතය AI හරහා සාදන ලද සිංහල බයිබල් පද AI ගීතයක්ය. AI සංගීතය, AI කටහඬවල්. මෙම ගීතවල සංගීතය, තනු නිර්මාණය, හා කටහඬවල් මාගේ නොව, සියල්ල AI තාක්ශණයෙන් නිර්මාණය කර ඇත. වීඩියෝව සැකසුවේ මා විසින්ය.
...
ඔබගේ අවධානය පිණිසයි:
මේ ගීතිකා වල බයිබල් පද කිසිඳු වෙනසක් නොකළ බයිබල් පද වන අතර, කිසිඳු බයිබල් පදයක් AI තාක්ෂණයෙන් ජනනය කර නොමැත. සංගීතය හා කටහඬවල් පමණක් AI හරහා සාදන ලදි. සමහරු AI තාක්ෂණයට අකමැතිය. AI තාක්ෂණයේ යහපතත්, අයහපතත් දෙකම ඇත. මමත් AI තාක්ෂණය ගැන ඉතා විපරමින් සිටින අතර අකමැති බොහෝ දේ ඇත. අන්තක්‍රිස්තුස්ගේ පාලනයට AI තාක්ෂණය ඉදිරියේදී බොහෝ භාවිතා වෙන්න යන අතර, මා එය මැනවින් දනිමි. නමුත් තවම අන්තක්‍රිස්තුස් හෝ මුර්ගයාගේ ලකුණ එළිදරව් වී නැත. මේ බයිබල් පද ගීතිකා ඇසීමට අකමැති අය නොඅසා සිටින්න, මට එවැන්නන්ගේ කිසිඳු මතයක් අවශ්‍ය නැත. මේ ගීතිකා වලට විරුද්ධ, AI තාක්ෂණයට සහමුලින්ම අකමැති සියල්ලන් අන්තර්ජාලය භාවිතය, ස්මාර්ට් ජංගම දුරකථන භාවිතය, පරිගණක හා තොරතුරු තාක්ෂණය භාවිතයෙන් වැලකීත් සිටින්න.
...
sinhala language, powerful worship music
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: